Introduction: This is a tiktok video published by dem_pasan. The video has now received more than 47.1K likes, 2.6K comments and 734 shares. It is deeply loved by fans. The following is the specific data and similar videos. Address, you can complete the operation on this page by clicking play or bookmarking the video.
මිනිස්සු ආදරයට එක එක නිර්වචන දෙනවා.එක්කෙනෙක්ට බොළඳ දෙයක් වුනාට ආදරය තව කෙනෙක්ට මහමෙරක් තරම් දෙයක් වෙන්න පුලුවන් . සමහර අයට ආදරය පිස්සුවක් වෙනකොට තවත් අය ආදරය නිසාම පිස්සු වැටෙන්නෙ ආදරයෙන් උතුරන කොට කියලා මම අහලා තියෙනවා .ඔය අතරේ සමහරු ඉන්නවා ආදරය නිසාම ජීවත් වෙන. මිනිස්සු ආදරයට මොන විදිහේ නිර්වචන දුන්නත් ඔය හැම මනුස්සයෙක්ම බලාපොරොත්තු වෙන්නෙ , ආදරය ගැන ප්‍රශ්න කරන්න අවශ්‍ය නොවෙන නිදහස් ගැඹුරු බැඳීමක් ! හරියටම කිව්වොත් ඇස් දෙක දිහා බැලුවම මුළු ආත්මයම දැනෙන හැගීම් පිරුණු ආදරයක්. ඉතින් වචනයක්වත් කතා නොකර අපි පැය ගණන් ඔහේ ඉඳගෙන ඉඳලා නැගිට්ටම මටත් දැනෙන්නෙ හරිම ලස්සන හැඟීමක්... ඇත්තම කිව්වොත් හැඟීම් ගණුදෙනු ප්‍රභල උන තැනක වචන කියන්නෙ වෙලාවකට නිකම්ම නිකම් පිටස්තරයෙක් . ඔය විදිහට හැඟීම් ගණුදෙනු ප්‍රභල උන තැන් වල මිනිස්සු නවනින්නෙ ආගන්තුක හැඟීම් පැත්තකට දාලා. සමහර කෙනෙක් එතනට ලොකු ලොකු බාධක මවාගෙන අනේ අපරාදෙ අර ලස්සන අනාගතය අහිමි කරගන්නවා... ඉතින් ඒ විදිහට ආගන්තුක හැඟීම් ඔක්කොම අපි පැත්තකට විසික් කරලා අදට අවුරුදු පහක්. ඉතින් ඉස්සෙල්ලාම ස්තුතියි මාව " මම " විදිහට පිළිගත්තට... මගේ හිනාව, මගේ කඳුල හැම දෙයක්ම සමසේ විඳගත්තට... මගේ ජීවිතේ හැම විශේෂ තැනකදිම මං එක්ක හිටියට... මිනිස්සු මොනවා නම් කිව්වත් මගේ පැත්තෙන් හිටගත්තට... ඔක්කොටමත් වඩා "හැමදේම හොඳට වෙයි චූටි" කියලා මාව පිටිපස්සෙන්ම ඉඳගෙන බලාගත්තට... ආදරය කියන්නෙ මතක් වුනාම ඉබේටම මූණට හිනාවක් ගේන්න පුලුවන් මාතෘකාවක්. ඉතින් එහෙම හිනාවක් හැමවෙලෙම මගේ මූණේ ඇති කරන්න පුලුවන් එකම මනුස්සයා වෙච්ච ඔයාට මම ආදරෙයි ගොඩාක්....! #anniversary #lgbt #gay #milan #italy #bf #loveislove #nohate #spreadlove #fyp #fypgay #Travellingvideos #italy #dempasan #srilankaninitaly #slgay #srilankangay #vlog #couple #happy #positivity #milan #srilanka #sinhala
Duration: 43 sPosted : Mon, 01 May 2023 23:46:28Views
924.3KDaily-
Likes
47.1KDaily-
Comments
2.6KDaily-
Shares
734Daily-
ER
5.45%Daily-
Latest Videos
Similar Videos
Watch moreMore Videos
Watch more